Thursday, March 25, 2010

අම්මා ගැන ලස්සන සින්දුවක් ගිටාරයෙන් වාදනය කරන්න ඉගෙනගනිමු.




පහුගිය දවස් ටිකේ සැහෙන්න වැඩ. Blog Post 1ක් දමන්න වෙලාවක් තිබ්බේ නැ.ඔන්න ආයෙමත් guitar ගහන්න ඉගෙනගන්න කැමති අයට මගෙන් පුලුවන් විදියට උදව්.

රූකාන්ත ගුනතිලක කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ ගායකයෙක්.අම්මා ගෑන ලස්සන සින්දුවක් තියෙනවා රූකාන්තගේ ඒ සින්දුවෙන්ම වැඩේ පටන්ගන්න තමයි මේ හදන්නේ.සින්දුවේ Chords ටික ඔන්න පහල තියෙනවා.



සාමන්‍යයෙන් දන්න major chords අමතරව තියෙන 7th chords 2 මෙන්න.


තව ඔයගොල්ලෝ කැමති Guitar chords ඕන සින්දු තියෙනවනම් කියන්න.මම දාන්නම්.
මේකටත් video tutorial 1 k ඕනනම් එවත් කියන්න .

රූකාන්තගේ ඔය සිංදුව original විදියට මෙන්න මෙතනින් බලාගන්න.


Sunday, September 13, 2009

මල් පිට මල්



කලින් post 1 comments ට දාපු අයට ස්තුතියි.ඒක හින්දා මම කලින් සින්දුවේ chords image විදියට හදලා මෙන්න දැම්මා.


පහුගිය දවස්වල exam 1 ට පාඩම් කරපු හන්දා post 1 ක් දාන්න බැරිවුනා. කවුරුත් මෙ දවස්වල අහන්න කැමති සින්දුවක් තමයි අමල් පෙරේරාගේ මල් පිට මල්.ඒක හින්දා මෙ සැරේ ඒ සින්දුවේ chords දාන්න හිතුවා.

Wednesday, August 12, 2009

Guitar වාදනය ඉගෙනගන්න කැමති අයට පොඩි උදවුවක්

‍මෙ Blog සටහනෙන් මම පටන් ගන්න හදන්නෙ Guitar වාදනය ඉගෙනගන්න කැමති අයට පොඩි උදවුවක් කරන්නයි.
මෙකට අදාළ tutorial 1 මම youtube එකේ දාලා තියෙනවා.
http://www.youtube.com/watch?v=5AO-qpxeUQQ
අදාල chords ටික පහල තියෙනවා.

F
රුවට රුවේ සකුරා ඉවුරේ
Bb F
හිම වැටෙනා සුදු කන්ද දිගේ
F
පාසල් යන සුදු කුමාරියේ

F
හිම මිදෙනා නගරේ
Am A Bb
රුව පෑව ඒ රුබරි
Gm C
චෙරි මල් පිපි පවනේ
Bb C C7 F
ඒ ගමන් ලතා බලා ඉන්නවා


F
රතු මුහුදේ වෙරලේ
Am A Bb
යමු ඈත අපි වෙන්නොවි
Gm C
සිතකින් නොවේ ළදුනේ
Bb C C7 F
මා මගේ රටේ සදා තනිවුනේ


lead part 1 ඕනනම් මම දාන්නම්.

Wednesday, July 8, 2009

දෙස් විදෙස් සංගීතයේ අපූරු තැනක්.....

මේ බ්ලොග් සටහනෙන් මම කියන්න යන්නෙ අපූරු සින්දු දෙකක් ගැන.
මේ සින්දු දෙක එකම භාෂාවෙන් නොකියවුනත් වෙනස්ම ගායකයන්
දෙදෙනෙක් කාලයන් දෙකක වෙනස්ම රටවල් දෙකක ඉඳගෙන එකම තෙරුමක්
තියෙන බොහෝම සමාන ගීත දෙකක් ගායනා කරලා තියෙනවා.
මොකක්ද මේ සින්දු......
ඒ තමයි අපෙ රටේ හිටිය දක්ෂ ගායකයෙක් වන මිල්ටන් මල්ලවාරච්චි
ගායනා කල ''මදු මල ලෙස මුදු'' ගීතය සහ Bobby Vinton
ගායනා කල '' sealed with a kiss ''

හැත්තෑව දශකයේ මුල් භාගයෙදි මිල්ටන් මල්ලවාරච්චි මහත්මයා මෙන්න මෙහෙම කියනවා.

මදු මල ලෙස මුදු මගෙ ප්‍රියදර මිහිරාවිය වෙතටයි
ඔබ සිහිකර කර ඔබට ලියන එක මට ඇති එක සතුටයි

අපමන සිතුවිලි බිහිවි තෙරපි එකිනෙක පැටලෙන්නේ
කොහොම පටන් ගෙන මොනව ලියන්නද නැත මට වැටහෙන්නේ
කෙටියෙන් පවසමි මගෙ ආදරියේ කීමට ඇති සැමදේ
පරවි ‍රැජිනියේ එදා වගෙ අදත් ඔබට තවම මම ආදරෙයි.......
ඔබට තවම මම ආදරෙයි..........

අත වෙව්ලනවා සිත ගොලු වෙනවා
හදවත ගැස්සෙනවා.......
ලිපියෙහි කොලයට මුහුන යොමන කොට නෙත්දෙක පියවෙනවා
කෙටියෙන් පවසමි මගෙ ආදරියේ කීමට ඇති සැමදේ
පරවි ‍රැජිනියේ එදා වගෙ අදත් ඔබට තවම මම ආදරෙයි.........
ඔබට තවම මම ආදරෙයි.........

එතකොට 1972 Bobby Vinton
කියන්නෙ මෙන්න මෙහෙමයි

Though we gotta say goodbye for the summer
Baby, I promise you this
I'll send you all my love
Every day in a letter
Sealed with a kiss
Yes, it's gonna be a cold lonely summer
But I'll fill the emptiness
I'll send you all my dreams
Every day in a letter
Sealed with a kiss

I'll see you in the sunlight
I'll hear your voice everywhere
I'll run to tenderly hold you
But baby, you won't be there

I don't wanna say goodbye for the summer
Knowing the love we'll miss
So let us make a pledge
To meet in September
And seal it with a kiss

Yes, it's gonna be a cold lonely summer
But I'll fill the emptiness
I'll send you all my love
Every day in a letter
Sealed with a kiss

Sealed with a kiss
Sealed with a kiss

මේ සින්දුව ගිටාරයෙන් වාදනය කරන හැටි මම video tutorial එකක් utube එකේ
දාල තියෙනවා.ඕන කරන guitar chords මෙතන තියෙනවා.
http://www.azchords.com/l/lewisgary-tabs-5297/sealedwithakiss-tabs-146712.html

Bobby vinton ගැන දැනගන්න ඕනනම් මේ link එකට යන්න.
http://www.bobbyvinton.com/biography.asp

මිල්ටන් මල්ලවාරච්චි ගැන දැනගන්න ඕනනම් මේ link එකට යන්න.
http://www.facebook.com/pages/Milton-Mallawarachchi/81236296608

Monday, July 6, 2009

The begining of a different blog era

In this blog page i'm trying to da adifferent thing in the blogging history.If you stay with this page in the future you will feel the difference.